Connect with us

Hi, what are you looking for?

Sinhanews.com

දේශීය පුවත්

ගුරු – විදුහල්පති සංගම් 30ක් අද විරෝධතාවයක : වැටුප් වැඩි කරන්න ජනතාව මත බර පටවන්න බැහැ – ඇමති බන්දුල කියයි

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ පෙරේදා දිනයේ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවද අසාර්ථක වීම හේතුවෙන් ගුරු විදුහල්පති සංගම් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

මේ අතර ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරනවා නම් ජනතාව මත පනවන බදු ප්‍රමාණය වැඩි කළ යුතු බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා. මෙම අවස්ථාවේදී බදු පීඩනයක් ජනතාව මත පැටවිය නොහැකි බව කී ඇමැතිවරයා එමනිසා ඉල්ලීම් පසෙක තබා දරුවන්ට ඉගැන්වීමට කටයුතු කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නේ නම් බදු වැඩි කිරීම, රාජ්‍ය දේපළ විකිණීම හෝ අසීමිත ලෙස ණය ලබා ගැනීමට රජයට සිදුවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ව්‍යාපාර වසා තිබියදී බදු ගෙවන ලෙසට ආයතනවලට කිව නොහැකි බවද මේ නිසා ආණ්ඩුවට ආදායමක් නැති බව පැවසූ ඇමැතිවරයා යහපාලන රජය ගත් ණය ප්‍රමාණයට වඩා පස් ගුණයකින් ණය ගැනීමට රජයට සිදු වේදැයි කිව නොහැකි බවද සඳහන් කර සිටියා.

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Uncategorized

It is a test post. Post Views: 36

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත් කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග...