Connect with us

Hi, what are you looking for?

Sinhanews.com
lanka-kumariya-2
lanka-kumariya-2

දේශීය පුවත්

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙසක් සැමරුමට එක්වූ “ලංකා කුමරිය”

කෝට්ටේ රාජධානියේ 06 වන පරාක්‍රමබාහු රජුගේ පෙළපතින් පැවත එන ලංකා කුමරිය හෙවත් ෂු ෂි යින් කුමරිය පසුගිය 26 වෙනිදා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට සහභාගි වුවා.

චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය ෆේස්බුක් පිටුව ඔස්සේ තබා තිබු සටහනයි මේ….

” 2021 මැයි 26 වන දින තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට “ලංකා කුමරිය” ෂු ෂී යින් සහභාගී විය.

වෙසක් සැමරුම් උත්සවයට සහභාගීවීමට පෙර ඇය තානාපති ආචාර්ය පාලිත කොහොන හමුවී සිය පෙළපත් සටහන ඔහුට පැහැදිලි කර තිබෙනවා.
ඇය කෝට්ටේ රාජධානියේ හයවන පරාක්‍රමබාහු රජුගේ පෙළපතින් පැවත එන 19 වන පරම්පරාවට අයත් වේ.

මෙම හමුවේදී ඇය තම ලංකා රාජකීය මුතුන්මිත්තන්ගේ භූමදාන භූමියේ ඡායාරූප ද පෙන්වීය.

චීනයේ ප්‍රසිද්ධියට පත් ෂු කුමරිය, දෙරට අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් සපයයි.
2009 දී ෂු ෂී යින් කුමරියගේ මඟ පෙන්වීම යටතේ, කුමරිය උපන් නගරය වන චුඈන්ජෝවු නගරය කොළඹ නගරය සමඟ සහෝදර නගර සම්බන්ධතාවයකට එළඹුණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ චුඈන්ජෝවු හි ලීචෙන්ග් දිස්ත්‍රික්කය ද 2017 දී සහෝදර නගර බවට පත්විය.

තානාපති ආචාර්ය පාලිත කොහොන කුමරිය සාදරයෙන් පිළිගනිමින් පවසා සිටියේ, සහස්‍ර ගණනාවක් පුරා පැවත එන ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති සමීප පුද්ගල සබඳතා සඳහා ඇය ජීවමාන ආදර්ශයක් බවයි.

දෙරට අතර පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීමට තවදුරටත් ක්‍රියාශීලීව කටයුතු කරනමෙන් ආචාර්ය කොහොන කුමරියගෙන් ඉල්ලා සිටියා.”

ඡායාරූප පහතින්

1.

2.

3.

4.

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

දේශීය පුවත්

මෙරට ජාතික සම්පත් විදෙස් සමාගම්වලට ලබා දීමට එරෙහිව, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සමග එක්ව ඒකාබද්ධ වර්ජනයකට අවතීර්ණ වන බව තෙල්,...

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න