Connect with us

Hi, what are you looking for?

Sinhanews.com
Srilankan-Airlines-2021
Srilankan-Airlines-2021

දේශීය පුවත්

ගුවන් තොටුපළ යළි විවෘතයි – ඉන්දියාවට සහ වියට්නාමයට තහනමක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කටුනායක ගුවන් තොටුපල අද අලුයම යළි විවෘත කෙරුණා. දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සදහා පෙර දැනුම්දී තිබු සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කිරීම අනිවාර්ය බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ. ඒ අනුව එක් ගුවන් යානයකින් දිවයිනට පැමිණිය හැක්කේ ගුවන් මගීන් 75 දෙනෙකුට පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්  පී ඒ ජයකාන්ත නෙත් නිවුස් වෙත කියා සිටියා.

කෙසේවෙතත් ඉන්දියාව සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර හිමිනොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මෙම නිවේදනය  ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබදතා පවත්වන සියලුම ගුවන් සේවා වෙත දන්වා තිබෙනවා. එමෙන්ම ඉකුත් දින 14 ක කාලය තුළ ඉන්දියාවේ සහ වියට්නාමයේ රැඳී සිටි හෝ එම රටවල ගුවන් තොටුපොළ අතරමැදි ගුවන් තොටුපළක් ලෙස භාවිතා කළ ශ්‍රී ලාංකිකයින්ට සහ වෙනත් සංචාරකයින්ටද  මෙම තහනම බලපැවැත්වෙනු ඇති.  

වියට්නාමයේ සිට පැමිණෙන පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ එරට තුළ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිරයාම හේතුවෙන් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ  අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්  පී ඒ ජයකාන්ත වැඩි දුරටත් සදහන් කළේ. 

ගුවන් තොටුපල විවෘත කළද සංචාරකයින් ද සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කිරීම අනිවාර්ය වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සදහන් කළා.

Source – Nethnews

තවත් පුවත් මෙතැනින් පිවිසෙන්න – ලුනු හිඟයක් කිසි විටක ඇති නොවන බවට සහතිකයක්

Share This :
1 Comment

1 Comment

  1. Pingback: Divers deploy Express Pearl to search for water leaks - Sinha News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

දේශීය පුවත්

මෙරට ජාතික සම්පත් විදෙස් සමාගම්වලට ලබා දීමට එරෙහිව, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සමග එක්ව ඒකාබද්ධ වර්ජනයකට අවතීර්ණ වන බව තෙල්,...

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න