Connect with us

Hi, what are you looking for?

Sinhanews.com

ක්‍රීඩා පුවත්

ජය පෙනි පෙනී ශ්‍රී ලංකාව දෙවන එක්දින තරඟයත් පරදියි

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ තවත් තරඟයක් ඉතිරිව තිබියදී 2 ට බිංදුවක් ලෙස දෙරට අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය ද ජය ගනිමින්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඬුලු 09 ක් දැවී ලකුණු 275 ක් ගස් කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 65 ක් රැස් කළ අතර අවිශ්ත ප්‍රනාන්දු ලකුණු 50 ක් රැස් කිරීමට සමත් වුණා. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 44 යි.

ලකුණු 276 ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඬුලු 05 ලකුණු 116 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම තරඟයේ ජයග්‍රහණය තමන් සතු කරගත්තේ පන්දුවාර 49 යි එක් පන්දුවකදී කඬුලු 07 කට 277 ක් රැස් කරමින්.

පසුපෙළ පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය ඉන්දිය කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වුණා. අංක 06 පිතිකරු ලෙස පිටියට පිවිසි දීපක් චහාර් නොදැවී ලකුණු 69 ක් රැස් කළේ ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙමින්. සූර්ය කුමාර් යාදෙව් ලකුණු 53 ක් රැස් කිරීමට සමත් වුණා. 

ඉන්දීය පිතිකරුවන්ට තර්ජනයක් වෙමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 37 කට කඬුලු 03 ක් දවා ගත්තා. තරඟයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේ ලකුණු 69 ක් සහ කඬුලු 02 ක් දවාගත් දීපක් චහාර්. දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය ලබන 23 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Uncategorized

It is a test post. Post Views: 37

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත් කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග...

ක්‍රීඩා පුවත්

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර 2කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් සහ ඩොලර් 5,000 ක දඩයක් නියම කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා – එංගලන්ත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණයකර තිබේ. එංගලන්තයේ බ්‍රිස්ටල් හි පැවති එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී...

ක්‍රීඩා පුවත්

එළඹෙන ක්‍රිකට් තරගාවලියක් සඳහා ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමකට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන අර්ජුණ රණතුංග පවසනවා. එය දැන් ශ්‍රී ලංකා...