Connect with us

Hi, what are you looking for?

Sinhanews.com

ක්‍රීඩා පුවත්

නායක කුසල් පෙරේරාගේ විශිෂ්ඨ ශතකයක්. පන්දු යවන්නන්ගෙන් සුපිරි දක්ෂතා. බංගලාදේශයයට එරෙහි තුන්වන තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවට සහ බංගලාදේශය අතර පැවැත්වූ එක්දින තරඟාවලියේ පිට පිටම පළමු තරඟ දෙකම පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන සහ අවසන් තරඟය  ලකුණු 97කින් ජය ගැනීමට සමත් වුනා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස් කරන්නට සමත් වූ අතර නායක කුසල් ජනිත් පෙරේරා විසින් පන්දු 122කදී විශිෂ්ඨ ලකුණු 120ක් රැස් කරමින් සිය එක්දින දිවියේ 6 වන ශතකය වාර්තා කළා. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරමින් ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 50කින් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 39කින් දායකත්වය ලබා දෙන ලදී. බංගලාදේශය වෙනුවෙන් ටස්කින් අහමඩ් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් පන්දු වාර 9ක් තුල ලකුණු 46ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවාගන්නට සමත් වුනා. 

ලකුණු 287ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමට මෙම තරඟයෙදි රැස් කරන්නට හැකිවුණේ සියලු දෙනා දැවී ලකුණු 189ක් පමණයි. මොසාදික් හුසේන් ලකුණු 51 ක් සහ මහම්දුල්ලා රියාද් ලකුණු 53ක් වාර්තා කල අතර ඔවුන් දෙදෙනා සහ මුෂ්ෆිකර් රහීම් හැරුනුකොට වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 පසුකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. දුෂ්මන්ත චමීර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් පන්දු වාර 9ක් දුල ලකුණු 16 කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වුනා. 

පළමු තරඟ දෙක තුල ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නුම් කල අලස ක්‍රීඩා විලාශය වෙනුවට මෙම තරඟයේදී ඉතාම උනන්දුවෙන් ක්‍රීඩා කරනු දක්නට ලැබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් තරඟ තුනකින් සමන්විත තරඟාවල්ඔය 2 ට 1ක් ලෙස ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුනා. 

තරඟයේ වීරයා දුෂ්මන්ත චමීර, තරඟයේ වටිනාම ක්‍රීඩකයා කුසල් ජනිත් පෙරේරා තරඟාවලියේ වීරයා බංග්ලාදේශ කණ්ඩායමේ මුෂ්ෆිකර් රහීම්

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

දේශීය පුවත්

මෙරට ජාතික සම්පත් විදෙස් සමාගම්වලට ලබා දීමට එරෙහිව, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සමග එක්ව ඒකාබද්ධ වර්ජනයකට අවතීර්ණ වන බව තෙල්,...

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න